බ්ලොග් එකක් හදමු 3

හොදයි. දැන් මම කියන්න හදන්නෙ අපේ බ්ලොග් අඩවිය හරහා කොහොමද ලිපියක් ඵල කරන්නෙ කියන එක. පාඩම් 1,2 නිවැරදිව කියවන්න ඇති කියලා මම හිතනවා.










මේ පෙනෙන පින්තූරයේ රතු පාටින් රවුම්කරලා තියන New Post කියන එක ක්ලික් කරන්න.
දැන් පහත පින්තූරය බලන්න. අංක පිළිවෙලට කියවා තේරුම් ගන්න.











අංක 01 - මෙහි දී අප ලිපියට අවශ්‍ය මාතෘකාවක් ටයිප් කල යුතුය..

අංක 02 - අංක දෙකෙහි පෙන්වා ඇත්තේ මාතෘකාවට අදාල ලිපිය ටයිප් කල යුතු ස්ථානයයි. අප MS Word
               භාවිතා කරන අයුරින් මෙහි දී අකුරු අපට අවශ්‍ය පරිදි සකසා ගත හැක.

අංක 03 - මෙම ටූල් බාර් එක දී ඇත්තේ අප ටයිප් කරගන්නා ලද ලිපියෙහි අකුරු සැකැස්ම වෙනුවෙනි.

අංක 04- මෙය ලිපිය සකසා අවසානයේ දී එය බ්ලොග් අඩවිය හරහා නිකුත් කිරීමට යොදා ගන්නා   
               බොත්තමයි. මෙය භාවිතා කල යුතු වන්නේ ලිපියෙහි සියලු වැඩ කරටයුතු අවසානයේ දිය.

අංක 05- පින්තූරයක් ඇතුලත් කරගන්නේ නම් මෙය භාවිතා කල හැක.

අංක 06- video clip එකක් ඇතුලත් කරගන්නේ නම් මෙය භාවිතා කල යුතුය.

හොදයි.. තව කතා කරන්න දේවල් තියනවා..ඉදිරි ලිපි වලදි පසුබිම සැකසීම කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ පාඩම නිවැරදිව කරලා බලන්නකො.



බ්ලොග් එකක් හදමු 2

දැන් ඔයාලා මම කලින් දැම්ම ලිපිය කියවලා පාඩම් 1 නිවැරදිව කරලා ඇති කියලා හිතනවා. අපි නතර කලේ මෙතනින්..

අපි පටන් ගනිමු.

මුලින්ම ක්ලික් කරන්න "link to wold " කියලා පෙන්වන තැන. මෙතන පෙන්වන්න ඕන බ්ලොග් එකට ඔයා දුන්න මාතෘකාවයි.


මම කලින් පාඩමේ කල විදියටම මෙතනදි අංක එකින් එක පැහැදිලි කරලා දෙන්නම්. 

අංක 01. අංක එක යටතේ පෙන්වන්නෙ අලුතෙන්ම අපි ලිපියක් මේ බ්ලොග් එක හරහා ඵල කරන්නේ නම් පිවිසිය යුතු මාර්ගයයි. 

අංක 02.  මෙහිදී පෙන්වන්නේ මෙය පරිශිලකයන් කොච්චර ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඉන්නවාද, අදහස් කොච්චර ප්‍රමාණයක් තියනවාද, ලිපි කොච්චර ප්‍රමාණයක් තියනවාද, වගේ මූලික තොරතුරු ටිකක්. ප්‍රස්ථාරයක් මගින් පෙන්වලා දෙනවා කාලය අනුව මෙය කොතරම් ප්‍රමාණයක් සංවර්ධනය වෙලා තියනවද වගේ කරුණු.



අංක 03. මෙහිදී පෙන්වා දෙන්නේ කොච්චර ප්‍රමාණයක් මෙම බ්ලොග් අඩවියේ ලිපි පල වී ඇතිද යන වග. එසේම ඒවා නැවත නැවත සකස් කිරීමටත් වෙනස් කිරීමට මෙන්ම අඩවියෙන් ඉවත් කර දැමිමටද අවස්ථාව ලබා දි තිබේ.  

අංක 04. මේ තියෙන්නෙ මේ බ්ලොග් එකට Tabs ඇතුලත් කරගන්න තියන ස්ථානය. හරියට මගේ බ්ලොග් එකේ " මුල් පිටුව, පරිගණක, තාක්ෂණය...." කියලා දාලා තියන Tabs වගේ. 

අංක 05. මෙතනදී අපට පෙන්වා දෙන්නේ මෙතෙක් ඵල කල ලිපිවලට ලැබී ඇති අදහස් පිළිබද වාර්ථාවකි.

අංක 06. Layout යනු මෙතෙක් කතා කල මාතෘකා අතරින් වැදගත් එකකි. මෙහි දී පෙන්වා දෙන්නේ බ්ලොග් එකෙහි සැකැස්ම පිළිබදව තොරතුරකි. ලිපියක් ඵල වන ස්ථානය, තීරු කොපමණ ප්‍රමාණයකට බෙදා ඇතිද, බෙදා ඇති තීරුවල ඇත්තේ මොනවාද , වැනි තොරතුරකි. මෙහිදී අපට ලැබෙන වාසියක් වන්නේ තීරුවල ඇති දේ අපට අවශ්‍ය ස්ථානවලට Click, Drag and drop කිරීමට ඇති හැකියාවයි.

අංක 07. මෙහිදි පෙන්වන්නේ මුලදී අප තෝරාගන්නා ලද ටෙම්ප්ලේට් එකෙහි නැවත සකස් කරගැනීමයි. බ්ලොග් එකෙහි දිග පළළ, වර්ණය, පසුබිම් පින්තූරය වැනි දෑ නැවත සකස් කර ගැනීමයි. ආරම්භයේ දිම මෙය නිම කළ යුතුය. නැවත නැවත වෙනස් කළ හැකි වුවත් එය මුලින්ම නිසියාකාරව නිම කල යුතුවග මාගේ අදහසයි.

 අංක 08. Settings යනු බ්ලොග් එකෙහි මාතෘකාව, URL, Search engine එකක් හරහා බ්ලොග් අඩවිය සොයා ගැනීමට පහසුකම් සැලසීම, ලිපිවලට පරිශීලකයන් විසින් දක්වනු ලබන අදහස් දැක්විය හැකි විදි ක්‍රම, අඩවිය google account හරහා Import or export කිරීමේ හැකියාව මෙන්ම බ්ලොග් එක මකා දැමීමේ හැකියාව (delete) පවා මේ හරහා සැකසිය හැක. 


හොදයි, කලින් පින්තූරයත් එක්ක අපි කතා කල කුඩා මාතෘකා සමග ප්‍රායෝගික වැඩ කරන අයුරු අපි ඊලගට බලමු. මෙතෙක් කතා කල මාතෘකා නිවැරදිව අනුගමනය කරන්න ඇතිනෙ. ඊලග පියවරයන් සදහා නැවතත් තාක්ෂණය Tab එකේ බ්ලොග් එකක් හදමු කියන අනුමාතෘකාව යටතේ පාඩම 3 කියන පිටුවට පිවිසෙන්න. 

හොද නරක ගැන අදහසක් දාලා යන්න අමතක කරන්න එපා..  

ජය ! 
 









බ්ලොග් එකක් හදමු 1

මුලින්ම මේ සදහා අවශ්‍ය වෙනවා Google account එකක්. වචනෙ බරපතල උනාට මේ වෙන මොනවත් නෙවෙයි. Google සමාගමෙන් අපට නොමිලේ ලබාදෙන විද්‍යුත් තැපැල් සේවාව වෙනුවෙන් අපි හදා ගන්න ගිණුමක්. කෙටියෙන්ම කිව්වොත් gmail account එකක්. ඔයාලා හැමෝම දන්නවනෙ මේක භාවිතා කරන්න.
නොදන්න කෙනෙක් ඉන්නවනම් පහත ලින්ක් එක ක්ලික් කරලා වීඩියෝ ක්ලිප් එක බලන්න.

how to create an account. 

හොදයි.

පියවර 1-

මුලින්ම www.blogger.com  වෙත පිවිසෙන්න


රෑපයේ පෙනෙන විදියට ඔයා හදා ගත්ත e-mail & password දීලා Sign in කියන Button එක ක්ලික් කරන්න.

පහත පෙනෙන පින්තූරය බලන්න 


අංක 01ඉහතින් පෙනෙන රූපයේ අංක 2 inactive නම් පමණක් අංක 1 ක්ලික් කරන්න. 
අංක 02.  තැඹිලි පාටින් පෙන්වයි නම් එය ක්ලික් කරන්න

ඔබ අංක 01 ක්ලික් කලේ නම් පමණක් පහත පෙනෙන විදියට පෙනේවි

අංක 01. මේකට ඔයාගෙ නම දෙන්න (මේ බ්ලොග් එක හදන කෙනාගෙ නම දෙන්න තියන තැන. )
අංක 02 . දැන් අංක දෙක (Continue to Blogger) යන බොත්තම ක්ලික් කරන්න. 

හරි. දැන් බලන්න පහත රූපය දෙස. අංක 1 හෝ අංක 2 ක්‍රියාත්මක කරපු හැමෝටම මේ පියවරේදි පෙනෙන්නෙ එකම විදියට. මම නැවතත් අංක පිළිවෙලට පැහැදිලි කරලා දෙන්නම්.


 අංක 01. මේ තියෙන්නෙ ඔයාගෙ බ්ලොග් එකට දෙන මාතෘකාව මොකක්ද කියලා ටයිප් කරන්න දෙන තැන. මගේ බ්ලොග් එක Link To World කියලා දීලා තියෙන්නෙ. ඒ වගේ ඔයාලා මේ බ්ලොග් එක හරහා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියන එකත් එක්ක හිතලා හොද මාතෘකාවක් යොදන්න. 

 අංක 02. මෙතන පෙන්වලා තියෙන්නෙ ඔයාගෙ බ්ලොග් එකට ඔයා දෙන URL එක. එහෙමත් නැතිනම් web address එක මොකක්ද කියන එකයි. මේක Unique name එකක් වෙන්න ඕන. ඒ කියන්නෙ ඔයා මේකට දෙන නම (Host Name)  තවත් බ්ලොග් එකකට කෙනෙක් දිලා තිබුනොත් ඔයාට ඒක ගන්න ලැබෙන්නෙ නැහැ. මෙතන වෙනස් කර කර ඔයාට හරියන URL එකක් හදා ගන්න. 

අංක 05. අංක දෙකේදී ඔයා web address එකක් හදන අවස්ථාවේදී අංක 5 තියන තැන "This blog address is available"  කියන පණිවිඩය දිස්වනන්නේ නම් ඔබ යෝජනා කල නම නිවැරදිය. 

අංක 03. මෙතනදි කරන්නෙ ඔයාගෙ බ්ලොග් එකට පසුබිමක් තෝර ගන්න එකයි. දැක්කම පැහැදිලි වෙනවනෙ. 

අංක 04. ඔයා ඉහත පියවර නිවැරදිව කළා නම් "Create blog!" කියන බොත්තම ක්ලික් කරන්න. 

දැන් බලන්න පහත පින්තූරය දෙස. 


 Link To World කියලා තියෙන්නෙ මේ google account එක යටතේ හදා ගත්ත පළවෙනි බ්ලොග් එක. ඔයාට කැමති නම් එක Google account එකක් යටතේ ඕන තරම් ප්‍රමාණයක් බ්ලොග් හදා ගන්න පුලුවනි. ඒක කරන්නෙ "New Blog" කියන එක ක්ලික් කරලා. හොදයි, දැන් ඔයාගෙ බ්ලොග් එකට අවශ්‍ය මූලික කාරණා ටික සම්පූර්ණයි.  දැන් තමයි ලස්සනම වැඩ ටික තියෙන්නෙ. ඊගාව පාඩමට පිවිසෙන්න.
මගේ බ්ලොග් එකේ තාක්ෂණය කියන Tab එකේ බ්ලොග් එකක් හදමු යන අනු මාතෘකාව යටතේ ඇති පාඩම 2 වෙත පිවිසෙන්න. 



මේකට අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා.

ජය !



බ්ලොග් එකක් හදමු


බ්ලොග් එකක් ලියන එක හරිම රසවත් දෙයක්. ඔයාගෙ අදහස් ඔයා දන්න දේවල් තමන්ගෙම අනන්‍යතාවයක් රදවාගෙන තවත් අය එක්ක බෙදාගන්න තියන හොදම විදියක් තමයි මේක.


  
තියෙන්න ඕන උවමනාව විතරයි. මම දන්නවා, ගොඩක් අය මේ වැඩේ දන්නවා. ඒත් ඒ ගැන අවබෝධයක් නැති අය වෙනුවෙනුයි මගේ මේ උත්සාහය. පටන් ගන්න ලියන්න. ආත්ම තෘප්තියක් වගේම තමන්ගෙ අතමිට සරුකරගන්නත් පුලුවන් කැපවීම ඇත්නම්. මේ සේවාව නොමිලේ ලබා දෙන්නෙ අන්තර්ජාලයේ දැවැන්තයෙක් වන Google සමාගමෙන්. පියවරෙන් පියවර කියා දෙන්න බලාපොරොත්තු වෙනවා.

පිස්සු පැන්සල



මේක ලස්සන වැඩක්.. ඔයාලා දැකලා තියනවද word document එකක animations.. බලන්න.. පහත ලින්ක් එක ක්ලික් කරලා download කරගන්න..

download Crazy pencil




file එක Open කරලා Play කියන වචනය click කරන්න..

පිස්සු හැදෙනවා