Ebay ගැන sinhalen

eBay යනු අන්තර්ජාලය හරහා වෙළඳ භාණ්ඩ නිවසටම ගෙන්වා ගත හැකි වෙබ් අඩවියකි. මෙම වෙබ් අඩවිය හරහා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරාගැනීම, මිලදී ගැනීම, මුදල් ගෙවීම සම්බන්ධ මූලික කරුණු මෙන්ම‍ eBay සමඟ ගණුදෙනු කිරීමේදී ශ්‍රී ලාංකික අපට මුහුණ පෑමට සිදුවන නොයෙකුත් ගැටළු හා ඒවා විසඳා ගන්නා ආකාරය සම්බන්ධව ද පියවරෙන් පියවර සරළව විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා.

Payoneer Card කියන්නේ මොකක්ද?

Payoneer Card කියන්නේ මොකක්ද?
 
මේක පෙරගෙවුම් ණය කාඩ් පතක්. තවත් විදියකට කීවොත් Prepaid Master Card එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Debit Card එකක්.

Payoneer Card එක තියෙන්නේ මොකටද?
 
 අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා.  මේ හරහා පේපැල් මුදල් ලංකාවේ ATM යන්ත්‍රයක් හරහා රුපියල් කරන්න පුලුවන්.

ලංකාවට වලංගුද?
 
 ඔව්. සම්පූර්ණයෙන්ම වලංගුයි. කිසිම අවුලක් නෑ. රෙස්පට් එකේ භාවිතා කරන්න විතරයි තියෙන්නේ.

Payoneer Card එකක් ගන්නේ කොහොමද?

menna me thiyana link eka click karala register wenna.

You tube එකෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න

1. www.youtube.com යන්න
2. ඔයා කැමති විඩියෝ එකක් තෝරන්න
3. දැන් URL eke Youtube ඉස්සරහින් SS ලෙස ටයිප් කරන්න.
   (https://www.ssyoutube.com/watch?v=rgbVSp-1W7g)
4. දැන් එන්ටර් කී එක ප්‍රෙස් කරන්න.
5. ඊලගට එන පේජ් එකේ ඔයා කැමති ෆෝමැට් එක තෝරලා ඩවුන්ලෝඩ් කරගන්න..

Paypal වලින් ලංකාවේ අපිට withdraw කරන්න පුලුවන් විදියට ඉල්ලීමක් කරමුද ?

PayPalForSriLanka

PayPal යනු කුමක්ද?

PayPal යනු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවයි. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවද අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත සම්මතය ලෙස හැඳින්විය හැකිය. අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ගෙවීම් ලබාගැනීම සඳහා PayPal සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුවද ගෙවීම් කිරීම සඳහා එවැනි ගිණුමක් අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit or Debit Card) ඇති ඕනෑම කෙනෙකුට PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි වීම එය ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාව බවට පත් කරයි.

ගැටළුව

ශ්‍රී ලාංකිකයන්ට PayPal හරහා ඕනෑම අයෙකු වෙත මුදල් යැවිය හැකි නමුත් කිසිදු අයෙකුගෙන් මුදල් ලබාගැනීම කළ නොහැකිය. මෙනිසා වෙනත් සංකීර්ණ ගෙවීම් ක්‍රම හරහා මුදල් ඉල්ලා සිටින ශ්‍රී ලාංකික සේවා සපයන්නන්ගෙන් භාණ්ඩ හා සේවා ලබාගන්නවාට වඩා පහසු ක්‍රමයකින් - එනම් PayPal භාවිතයෙන් - සේවා සපයන ඉන්‍දියානු ජාතිකයන් වැන්නන්ගෙන් සේවා ලබාගැනීම පාරිභෝගිකයන් සිදු කරයි (මෙකී සේවා නම් වෙබ් අඩවි නිර්මාණය, ග්‍රැෆික් නිර්මාණය වැනි සේවාවන්ය.). තනිවම හා කණ්ඩායම් වශයෙන් මෙම සේවා සපයා මුදල් උපයන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සිටින අතර PayPal ශ්‍රී ලංකාවට සහය නොදැක්වීම ශ්‍රී ලංකාව තුළට මුදල් ගෙනෙන මෙම පිරිසට ඉමහත් බාධාවක් වී ඇත. දැනට මොවුන් අනුගමනය කරන එක් ක්‍රමයක් නම් වෙනත් රටක ව්‍යාජ ලිපින යොදාගනිමින් PayPal ගිණුම් තැනීමයි. නමුත් එසේ කරන විට සියළු මුදල්ද PayPal ගිණුමද

https://sites.google.com/site/ppforsrilanka/enable-receiving-money-to-sri-lanka-through-paypal-si


මේ ඉහලින් තියන ලින්ක් එකට ගිහින් ඒකට සහයෝගයක් ලබා දෙන්න .....