බ්ලොග් එකක් හදමු 3

හොදයි. දැන් මම කියන්න හදන්නෙ අපේ බ්ලොග් අඩවිය හරහා කොහොමද ලිපියක් ඵල කරන්නෙ කියන එක. පාඩම් 1,2 නිවැරදිව කියවන්න ඇති කියලා මම හිතනවා.










මේ පෙනෙන පින්තූරයේ රතු පාටින් රවුම්කරලා තියන New Post කියන එක ක්ලික් කරන්න.
දැන් පහත පින්තූරය බලන්න. අංක පිළිවෙලට කියවා තේරුම් ගන්න.











අංක 01 - මෙහි දී අප ලිපියට අවශ්‍ය මාතෘකාවක් ටයිප් කල යුතුය..

අංක 02 - අංක දෙකෙහි පෙන්වා ඇත්තේ මාතෘකාවට අදාල ලිපිය ටයිප් කල යුතු ස්ථානයයි. අප MS Word
               භාවිතා කරන අයුරින් මෙහි දී අකුරු අපට අවශ්‍ය පරිදි සකසා ගත හැක.

අංක 03 - මෙම ටූල් බාර් එක දී ඇත්තේ අප ටයිප් කරගන්නා ලද ලිපියෙහි අකුරු සැකැස්ම වෙනුවෙනි.

අංක 04- මෙය ලිපිය සකසා අවසානයේ දී එය බ්ලොග් අඩවිය හරහා නිකුත් කිරීමට යොදා ගන්නා   
               බොත්තමයි. මෙය භාවිතා කල යුතු වන්නේ ලිපියෙහි සියලු වැඩ කරටයුතු අවසානයේ දිය.

අංක 05- පින්තූරයක් ඇතුලත් කරගන්නේ නම් මෙය භාවිතා කල හැක.

අංක 06- video clip එකක් ඇතුලත් කරගන්නේ නම් මෙය භාවිතා කල යුතුය.

හොදයි.. තව කතා කරන්න දේවල් තියනවා..ඉදිරි ලිපි වලදි පසුබිම සැකසීම කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ පාඩම නිවැරදිව කරලා බලන්නකො.



No comments:

Post a Comment