බ්ලොග් එකක් හදමු 2

දැන් ඔයාලා මම කලින් දැම්ම ලිපිය කියවලා පාඩම් 1 නිවැරදිව කරලා ඇති කියලා හිතනවා. අපි නතර කලේ මෙතනින්..

අපි පටන් ගනිමු.

මුලින්ම ක්ලික් කරන්න "link to wold " කියලා පෙන්වන තැන. මෙතන පෙන්වන්න ඕන බ්ලොග් එකට ඔයා දුන්න මාතෘකාවයි.


මම කලින් පාඩමේ කල විදියටම මෙතනදි අංක එකින් එක පැහැදිලි කරලා දෙන්නම්. 

අංක 01. අංක එක යටතේ පෙන්වන්නෙ අලුතෙන්ම අපි ලිපියක් මේ බ්ලොග් එක හරහා ඵල කරන්නේ නම් පිවිසිය යුතු මාර්ගයයි. 

අංක 02.  මෙහිදී පෙන්වන්නේ මෙය පරිශිලකයන් කොච්චර ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඉන්නවාද, අදහස් කොච්චර ප්‍රමාණයක් තියනවාද, ලිපි කොච්චර ප්‍රමාණයක් තියනවාද, වගේ මූලික තොරතුරු ටිකක්. ප්‍රස්ථාරයක් මගින් පෙන්වලා දෙනවා කාලය අනුව මෙය කොතරම් ප්‍රමාණයක් සංවර්ධනය වෙලා තියනවද වගේ කරුණු.



අංක 03. මෙහිදී පෙන්වා දෙන්නේ කොච්චර ප්‍රමාණයක් මෙම බ්ලොග් අඩවියේ ලිපි පල වී ඇතිද යන වග. එසේම ඒවා නැවත නැවත සකස් කිරීමටත් වෙනස් කිරීමට මෙන්ම අඩවියෙන් ඉවත් කර දැමිමටද අවස්ථාව ලබා දි තිබේ.  

අංක 04. මේ තියෙන්නෙ මේ බ්ලොග් එකට Tabs ඇතුලත් කරගන්න තියන ස්ථානය. හරියට මගේ බ්ලොග් එකේ " මුල් පිටුව, පරිගණක, තාක්ෂණය...." කියලා දාලා තියන Tabs වගේ. 

අංක 05. මෙතනදී අපට පෙන්වා දෙන්නේ මෙතෙක් ඵල කල ලිපිවලට ලැබී ඇති අදහස් පිළිබද වාර්ථාවකි.

අංක 06. Layout යනු මෙතෙක් කතා කල මාතෘකා අතරින් වැදගත් එකකි. මෙහි දී පෙන්වා දෙන්නේ බ්ලොග් එකෙහි සැකැස්ම පිළිබදව තොරතුරකි. ලිපියක් ඵල වන ස්ථානය, තීරු කොපමණ ප්‍රමාණයකට බෙදා ඇතිද, බෙදා ඇති තීරුවල ඇත්තේ මොනවාද , වැනි තොරතුරකි. මෙහිදී අපට ලැබෙන වාසියක් වන්නේ තීරුවල ඇති දේ අපට අවශ්‍ය ස්ථානවලට Click, Drag and drop කිරීමට ඇති හැකියාවයි.

අංක 07. මෙහිදි පෙන්වන්නේ මුලදී අප තෝරාගන්නා ලද ටෙම්ප්ලේට් එකෙහි නැවත සකස් කරගැනීමයි. බ්ලොග් එකෙහි දිග පළළ, වර්ණය, පසුබිම් පින්තූරය වැනි දෑ නැවත සකස් කර ගැනීමයි. ආරම්භයේ දිම මෙය නිම කළ යුතුය. නැවත නැවත වෙනස් කළ හැකි වුවත් එය මුලින්ම නිසියාකාරව නිම කල යුතුවග මාගේ අදහසයි.

 අංක 08. Settings යනු බ්ලොග් එකෙහි මාතෘකාව, URL, Search engine එකක් හරහා බ්ලොග් අඩවිය සොයා ගැනීමට පහසුකම් සැලසීම, ලිපිවලට පරිශීලකයන් විසින් දක්වනු ලබන අදහස් දැක්විය හැකි විදි ක්‍රම, අඩවිය google account හරහා Import or export කිරීමේ හැකියාව මෙන්ම බ්ලොග් එක මකා දැමීමේ හැකියාව (delete) පවා මේ හරහා සැකසිය හැක. 


හොදයි, කලින් පින්තූරයත් එක්ක අපි කතා කල කුඩා මාතෘකා සමග ප්‍රායෝගික වැඩ කරන අයුරු අපි ඊලගට බලමු. මෙතෙක් කතා කල මාතෘකා නිවැරදිව අනුගමනය කරන්න ඇතිනෙ. ඊලග පියවරයන් සදහා නැවතත් තාක්ෂණය Tab එකේ බ්ලොග් එකක් හදමු කියන අනුමාතෘකාව යටතේ පාඩම 3 කියන පිටුවට පිවිසෙන්න. 

හොද නරක ගැන අදහසක් දාලා යන්න අමතක කරන්න එපා..  

ජය ! 
 









2 comments:

  1. godak watinawa.. mee gana hoya hoya hitiye mama.. lipi serama tika kiyawanna oone...

    ReplyDelete