ඔයාලා කැමති Film එකක් Download කරගන්න දන්න සිංහලෙන් කියා දෙන්නම්

(දන්න අයට නෙවෙයි නොදන්න අයටයි)

අපි ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි කොහොමද Full Film එකක් අන්තර්ජාලයෙන් Download කරගන්නෙ කියලා.  මම කියලා දෙන්නම් පිළිවෙලින් සිංහලෙන්. 

බොහොවිට අපිට අන්තර්ජාලයේ තිබෙන චිත්‍රපට කෙලින්ම ගන්න බෑ.  ඒ සඳහා උදව් වෙන වෙනත් Software තියනවා. අපි එහෙම එකක් ඉස්සල්ලාම අපේ පරිගණකයේ ස්ථාපිත කරගන්න ඕන. මේ සඳහා ජනප්‍රිය මෘදුකාංග දෙකක් තියනවා.

 01. Bittorrent
 02. µTorrent

 Bittorrent මෘදුකාංගය ස්තාපිත කර ගැනීම


 අපි Bittorrent මෘදුකාංගය එක්ක කොහොමද වැඩ කරන්නෙ කියලා බලමු. ඒක කරන්නෙ මෙහෙමයි.  මේක ඩවුන්ලෝඩ් කරද්දි තමන්ගෙ පරිගණකයේ තියෙන Operating System (windows xp, windows vista, Win 7 ) ගැන අවබෝධයක් තියෙන්නත් ඕන. වැඩිදෙනෙක් වින්ඩොව්ස් පාවිච්චි කරන නිසා මම කියා දෙන්නෙ ඒ විදියට. පහළ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න.


http://www.bittorrent.com/downloads/win


දැන් Download Now කියන Button එක ක්ලික් කරන්න.




දැන් ඔයාගේ පරිගණකයේ Downloads කියන Location එකට මේක ඇවිත් තියේවි මෙන්න මේ විදියට. 

දැන් ඒක උඩ Double Click කරලා Run කරන්න.

දැන් එන ස්ටෙප්ස් කියවලා මේ මෘදුකාංගය ඔයාගෙ පරිගණකයේ ස්ථාපිත කරගන්න. 




චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් කිරීම

දැන් අපේ මූලික වැඩ ටික ඉවරයි. දැන් තියෙන්නෙ චිත්‍රපටයක් සොයා ගැනීම.  ඒක කරන්න ක්‍රම කීපයක් තියනවා

01. Google වැනි Search engine එකක මේ වගේ tinkerbell full film torrentfile ටයිප් කරලා හොයලා බලන්න.

      ඒ කියන්නෙ තමන්ට අවශ්‍ය චිත්‍රපටයේ නමත් එක්ක Torrennt file කියලා දෙන්න. තියනවානම්                 පෙන්වනවා.   ඒ දෙන ලින්ක් හරහා ගිහින් ටොරන්ට ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සෙ ඒ ගත්ත ටොරන්ට් ෆයිල් එක ඕපන් කරන්න. මම ඒ ටික පහළින් කියා දෙන්නම්. 

 



02. දෙවන ක්‍රමය තමයි අපට කෙලින්ම චිත්‍රපට තියෙන් වෙබ්සයිට් වලට ගිහින් ගන්න පුලුවන්. ඒවගේ ටොරන්ට් ෆයිල් දෙනවා.  ලංකාවේ ගොඩක් ජනප්‍රිය සයිට් එකක ලින්ක් එකක් තමයි ඔය පහළින් දීලා තියෙන්නෙ.  


http://www.baiscopelk.com/


 මේ සයිට් එකේ ගොඩක් චිත්‍රපට තියනවා.  වර්ගීකරණය කරලයි තියෙන්නෙ. ඔයාට අවශ්‍ය චිත්‍රපටය උඩ ක්ලික් කලාම එහි විස්තරයට පහළින් Torrent file එකකුත් දෙනවා. ඒක මේ වගේ.









ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.  ඊට පස්සෙ ඒක ඕපන් කරන්න. ඕපන් වෙන්නෙ අර අපි කලින් සථාපිත කරගත්ත Bit torrent  කියන මෘදුකාංගය ඇතුලෙ. ඊට පස්සෙ මේ විදියට Download වේන්න පටන් ගන්නවා.  


ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන අතරතුර පරිගණකය ක්‍රියා විරහිත කලාට ගැටලුවක් නැහැ.  ආයෙත් පරිගණකය විවෘත කල සැනින් Automatically Download වෙන්න පටන් ගන්නවා නැවතුන තැන ඉඳලා. මේකට යන කාලය ඔයාලගේ Internet connection speed එකත් එක්ක තමයි තීරණය වෙන්නෙ. 

 Downloading 100% සම්පූර්ණ උනාම ඒ උඩ Right ක්ලික් කරලා Open Containing Folder කියන එකට යන්න. ඔයා හරියටම කලා නම් එතන දැන් ඔයා ගත්ත Film එක ඇති.  (දැන් ඉතිං මෙතන කට ඇරගෙන ඉන්නෙ නැතිව ෆිල්ම් එක බලන්න පටන් ගන්න :) )

 


No comments:

Post a Comment